Sunday, February 15, 2026
Follow Us
කලකට පසු ලාෆ් ගෑස් නැවක් හෙට දිවයිනට

ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් නෞකාවක් හෙට (04) දිනයේදී දිවයිනට ළඟා වීමට නියමිත බව වාර්තා වේ.

මෙම නෞකාවේ ගෑස් මෙට්‍රික් ටොන් 3000ක් අඩංගු බව සඳහන්.

රටේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ණයවර ලිපි විවෘත කරගැනීමට නොහැකි වීම නිසා ලාෆ්ස් ගෑස් සමාගමේ මෙහෙයුම් කටයුතු පසුගිය මාස කිහිපයක් තිස්සේම සිදු නොකෙරුණු අතර ලාෆ්ස් ගෑස් සිලින්ඩර මිලදීගත් පාරිභෝගිකයින් ඒ හේතුවෙන් බරපතළ ලෙස පීඩාවට පත්ව තිබිණි.

LNW