Saturday, December 27, 2025
Follow Us
පානදුරේ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට

පානදුර නිර්මල මාවත, ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37 ක පුද්ගලයෙක්. පොලිසිය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

මේ අතර අද උදෑසන ද අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී ද පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා. එහිදී ඝාතනයට ලක්ව තිබුණේ වයස අවුරුදු 42 ක බේරුවල ප්‍රදේශයේ පදිංචි තැඹිලි වෙළඳාමේ නිරත වූ අයෙක්.

Neth