Wednesday, October 23, 2024
Follow Us
සාමණේර භික්ෂූන් වහන්සේට පහරදීම ගැන අස්ගිරි විහාරයෙන් පොිස්පතිට ලිපියක්

හොරව්පතාන ප්‍රදේශයේදී සාමණේර භික්ෂූන් වහන්සේ දෙනමකට ගිහි පුද්ගලයෙකු අමානුෂික ලෙස දඬුවම් කිරීමේ සිද්ධිය මෙරට භික්ෂූන් වහන්සේගේ හා බෞද්ධ ජනතාවගේ සිත් සසළ කරවන සුළු එකක් බවත් එවන් සිදුවීම් නැවත සිදු නොවීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

සිද්ධිය අනාවරණයවූ විගස පොලීසිය ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව දැන ගන්නට ලැබුණු බවත් එකී සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදුකරන ලෙසත් අදාළ ලිපිය මගින් මහනාහිමියන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

asgiriletter

(Lanka Leads)