Saturday, December 27, 2025
Follow Us
හාල් කිලෝව රු. 1000ට යයි

බත් වෙනුවට වෙනත් දේවල් කන්න සූදානම් වෙන්නයි ඉල්ලීමක්


ඉදිරි මාස කීපය ඇතුළත සහල් කිලෝව රු. 1000 ඉක්මවනු ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අනතුරු අගවයි.

එළඹෙන ඔක්තෝබර් මාසය වන විට මෙරට උග්‍ර සහල් හිගයකට මූණ පෑමට සිදුවන අතර ඒ නිසා මෙලෙස සහල් මිල ඉහල යන බව ඔවුන් පෙන්වා දෙයි.

මේ තත්ත්වය ගැන අවධානය යොමුකර වගාවන් සදහා අවශ්‍ය පොහොර වහාම ලබා දීමට කටයුතු කරන ලෙසද එම සංගමය බලධාරීන් ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම කඩිනමින් විකල්ප ආහාර වගාවන් සදහා යොමුවන ලෙස ඔවුන් මහජනතාවගෙන්ද ඉල්ලීමක් කරයි.

Aruna