Saturday, December 27, 2025
Follow Us
තේ කම්හල් වැසී යන ලකුණු

ඉන්ධන නොමැති නිසා තේ කම්හල් හිමියන් දැඩි අසීරුතාවයක


විදුලි කප්පාදුව හා ඉන්ධන අර්බුදය නිසා දකුණු පළාතේ තේ කම්හල් හිමියන් ගැටළු රැසකට ලක්ව ඇති බව තේ කම්හල් හිමියන් පවසති.මෙම තත්වය නිසා නිෂ්පාදන වියදම ද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර තේ නිෂ්පාදනය කිරිමේ දි බරපතල ගැටළු රැසකට මුහුණදිමට තේ කම්හල් හිමියන්ට සිදුවී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

ජෙනරේටර් යොදාගෙන තේ කම්හල් ක්‍රියාකරවිමට ද ඩිසල් අවශ්‍යවන අතර ඩිසල් හිගකම ඒ සදහා බාධාවක් වී ඇත. තේ කම්හල් හිමියන් පවසන්නේ මෙම තත්වය නිසා ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ලෙස නිමි තේ නිෂ්පාදනයක් කිරිමට ද බාධා එල්ල වී ඇති බවය. ඒ විතරක් නොව අමු තේ දළු සැපයුම අඩුවිම නිසා තේ කම්හල්වල ධාරිතාවයද අඩුවී ඇති බවද තේ කම්හල් හිමියන් පවසති.

ඉන්ධන අර්බුදය, නිසා තේ කම්හල් සදහා දර ප්‍රවාහනය කරනු ලබන දර සැපයුම්කරුවන්ද ගැටළු රැසකට ලක්ව ඇති බැව් තේ කම්හල් හිමියන් පවසති. භාණ්ඩ ප්‍රවාහන වියදම ඉහල යාම, ඇසුරුම් ද්‍රව්‍ය තේ පොහොර ඇතුළු අනිකුත් යෙදවුම් මිල ගණන් ඉහලයාම නිසා මෙරට තේ කර්මාන්තය දැඩි අවදානමකට ලක්ව ඇති බවද තේ කම්හල් හිමියන් පවසති.

අතුකෝරල තේ සමුහ ව්‍යාපාරයේ සභාපති අනුර අතුකෝරල මෙසේ කිවේය.

” අමු තේ දළුවලට හොද මිලක් ලැබිලා තියෙනවා. අප්‍රේල් මාසයේ අමු තේ දළු කිලෝවක් සදහා රුපියල් 238ක් ගෙව්වා. අමු තේ දළු මිල තවත් වැඩිවේවි. නමුත් පොහොර ප්‍රශ්නය නිසා අපේ අමු තේ දළු අස්වැන්න අඩුවුණා. නැව් ගාස්තු විශාල ලෙස ඉහළ ගියා. කන්ටේනර් ගාස්තු වැඩිවුනා. නෞකා මෙරටට පැමිණිමත් අඩු වුණා. මේ නිසා අපිට කලට වෙලාවට තේ අපනයනය කිරිමට නොහැකිවුනා. මෙම තත්වය නිසා ගැනුම්කරුවන් වෙනත් තේ නිෂ්පාදනය කරන රටවල් සදහා යොමු වී තියෙනවා. ඉන්දියාව වගේ රටවල් පොහොර යොදලා නව තාක්ෂණික ක්‍රම යොදාගෙන තේ නිෂ්පාදනය වැඩිකරගත්තා. දළු මිල වැඩිවුනත් වැඩක් නැහැ. අනිකුත් යෙදවුම් මිල වැඩිවෙලා තියෙනවා”

Aruna