Saturday, December 27, 2025
Follow Us
උසාවියට බාධා කළැයි රැට්ටා අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදිය පොලිසියට රැට්ටා පැය දෙකක ප්‍රකාශයකුත් දීලා


රැට්ටා නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන රතිඳු සේනාරත්න හෙවත් ‘‘රැට්ටා‘‘ නම් පුද්ගලයා මීට ටික වෙලාවකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

කොටුව උසාවිය ඉදිරිපිට පැවති විරෝධතාවක දී පොලිසියට සහ අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (30) සවස 03.00ට ඔහුට සහ තවත් පිරිසකට කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

ඒ අනුව, ඔහු කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොස් එම සිද්ධිය සම්බන්ධයෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබේ.

Aruna