Saturday, December 27, 2025
Follow Us
ඩීසල් දින 5කින් අවසන්

ඩීසල් නැව් එන දින තුන මෙන්න


රටේ සති දෙකකට ආසන්න කාලයකට පෙට්‍රල් තොග පැවතිය ද ඩීසල් ඇත්තේ දින 05 කට වැනි කෙටි කාලයකට පමණක් බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන් සඳහාම පමණක් මෙම පවතින ඩීසල් තොගය භාවිත කෙරේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ද පැවසුවේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල මේ වන විට පෙට්‍රල් තොග පැවතියත් බහුතරයක ඩිසල් නොමැති බවය.

බලශක්ති අමාත්‍යාංශය කියා සිටින්නේ ඊයේ [ 29 වැනිදා ] ඩිසල් මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගත් නැවක් මෙරටට පැමිණි බවය.

ඒ අනුව එම නැවෙන් ඩිසල් ගොඩබෑම ඉතාමත් ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඩීසල් හිඟයට පිළියමක් ලෙස ඉදිරි දින කිහිපය ඇතුළත ඩිසල් නැව් 03ක් මෙරටට පැමිණීමට නියමිත බවත් එම අමාත්‍යාංශය පැවසිය. ඒ අනුව එම ඩීසල් නැව් ලබන ජුනි 01 වැනිදා , ජුනි 14 වැනිදා සහ 16 වැනිදා පැමිණීමට නියමිතය.

Aruna