Saturday, December 27, 2025
Follow Us
කඩේ ගිය සිසුවිය සුනාමිය ට බිලි

සය හැවිරිදි දැරියට අත් වූ අවාසනාවන්ත ඉරණම


කොස්ගොඩ, පියගම දුම්රිය නැවතුම්පොළ අසලදී දුම්රියේ ගැටීමෙන් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ හෑගල්ල, පියගම, කොස්ගොඩ ලිපිනයේ පදිංචි පේයාහන්දි සිතුමි රුවින්සා ද සිල්වා නමැති සය හැවිරිදි දැරියකි. මියගිය දැරිය කොස්ගොඩ, හෑගල්ල ජාතික පාසලේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියාය.

කොළඹ, කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය වන “සුනාමි සීඝ්‍රගාමී’’ දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව තිබිණි.මියගිය දැරිය තවත් දැරියක් සමග නිවෙසට අවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා දුම්රිය මාර්ගය දිගේ නිවෙසට මදක් දුරින් පිහිටි කඩයක් වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ පොලිසිය ප්‍රකාශ කර ඇත.

මියගිය දැරිය සමග ගමන් ගත් අනෙක් දැරිය දුම්රිය පැමිණෙනවාත් සමගම එම මාර්ගයෙන් ඉවතට පැන දිවි ගලවා ගෙන තිබිණි.

Aruna