පෙට්‍රල් සහ ඩීසල් ගඩබා කරන ටැංකිවලට එම ඉන්ධන වර්ග මාරු කර ගබඩා කිරීම හේතුවෙන් මුද්‍රා තැබූ ආනමඩුව ආඬිගම ඉන්ධන පිරවුම්හල සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයේ විශේෂ වාර්තාවක් අද නිකුත් කිරීමට නියමිතයි. මහජන උපයෝගීතා කොමිසම විසින් මෙම පරීක්ෂණය පවත්වා තිබෙනවා.
එහිදී ඉන්ධන මාරුවීම හේතුවෙන් තම රථවාහනවල ගැටළු ඇති වූ පුද්ගලයින් 650 දෙනෙකු පමණ මේවනවිත් පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ. මෙම ඉන්ධන පිරවුම්හල ඉදිකිරීම් මට්ටමේ පවතින බැවින් එයට ඉන්ධන තොග ලබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ද එම ප්‍රකාශකයා සඳහන් කළා.
මෙම පරීක්ෂණය සඳහා මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකු සහ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් දෙදෙනෙකු ද සහභාගී වී තිබෙනවා.
මෙම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගෙන සිය රථවාහන වල ගැටළු මතුවූ තවත් පුද්ගලයින් සිටීනම් ඒ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත පැමිණිලි කරන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ. මෙම සිද්ධියෙන් අගතියට පත් සියලු පාර්ශව වෙනුවෙන් වන්දි ගෙවීමට ද සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
Neth