ආහාර අර්බුදය තවමත් කළමනාකරණය කර ගත හැකි මට්ටමක පවතින බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසනවා. නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ හැකි ඉක්මනින් කුඩා ඉඩ ප්‍රමාණයක හෝ තමන්ට හැකි අයුරින් වගා කිරීමට ජනතාව වහාම කටයුතු කිරීම වැදගත් බවයි.
ඉදිරියේදී මුහුණපෑමට සිදුවන අර්බුද සම්බන්ධයෙන් කෘෂි නිලධාරීන් දැනුවත් කර එහි අවදානම් තත්ත්වය ඔවුන්ට වහා අවබෝධ කර දිය යුතු බව ද මහාචාර්ය අරුණ කුමාර මෙහිදී පෙන්වා දුන්නා.
මේ අතර ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිගයට මුහුණදීම සඳහා මේවනවිටත් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් අජන්ත ද සිල්වා සඳහන් කළේ ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් ලෙස එම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බවයි.
යල කන්නයේ වී වගාව සඳහා ගොවීන් තවමත් ප්‍රමාද නොමැති බව ද කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නා. ඒ අනුව යල කන්නයේදී වගා කිරීමට අපේක්ෂා නොකල ගොවීන් ලබන මස 10 වනදාට පෙර යල කන්නය සඳහා වී වගා කිරීම ආරම්භ කරන ලෙසට ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.
Neth