Sunday, February 15, 2026
Follow Us
වෙළෙදපොළට ගෑස් බෙදාහරින දිනය

මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නැවක් අද දිවයිනට


ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවක් අද (30) පස්වරුවේ දිවයිනට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ කාලගුණ තත්ත්වය යහපත් වුවහොත් අද දිනයේදීම අදාල නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ හැකි බවයි.

අනතුරුව තත්ත්ව පරීක්ෂා සිදුකළ යුතු අතර ඒ සඳහා ගතවන කාලය පැය 10 කි.

ඒ අනුව බදාදා (ජුනි 01) දිනය වන විට වෙළෙදපොළට ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම විශ්වාසය පල කරයි.

Aruna