ධීවර කටයුතු නගාසිටුවීමට ඉන්දියාව සහාය දෙයි
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නට්රාජ්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු රජයෙන් ආධාර ලෙස ලැබුණු භූමිතෙල් ලීටර 15,000 ක් කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී යාපනය දූපත්වාසී ධීවර ජනතාව වෙත බෙදා දී තිබෙන බවට තොරතුරු වාර්තා වේ.
එම භූමිතෙල් ලබාදීම සිදුකර ඇත්තේ යාපනය ඩෙල්ෆ් දූපත් ධීවර ජනතාවට, කයිට්ස් ධීවර ජනතාවට හා යාපනය, නාගදීප දූපත් ධීවර ජනතාව වෙතයි.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියානු රජයෙන් ආධාර ලෙස ලැබුණු භූමිතෙල් තොගයක් මේ ආකාරයට යාපනය දුපත්වාසී ජනතාවගේ ධීවර කටයුතු නගාසිටුවීම වෙනුවෙන් බෙදාහැර ඇත.
Aruna