Saturday, December 27, 2025
Follow Us
වෛද්‍ය සිසුන්ට එල්ල වූ ප්‍රහාරය

කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසල උණුසුම් තත්ත්වයක්


ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසල බැංකු මාවතට ඇතුළුවීමට උත්සාහ කළ විරෝධතාකරුවන් පිරිසකට පොලීස් කැරළිමර්දන එ්කකයෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ගේ සංගමය සංවිධාන කළ විරෝධතා පාගමනක් අද පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ කෙරුණි.

එය නම් කර තිබුණේ “හොරු රකින ඩීල් දේශපාලනය තවත් එපා. ජන මතයට හිස නමනු” යන තේමාව ඔස්සේයි.

එය පාගමන ගාලු මුවදොර දක්වා ගමන් ගත් අතර, බැංකු මාවතට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

Aruna