Saturday, December 27, 2025
Follow Us
අදත් ගෑස් නැහැ - හිඟය පියවීමට නම් ගෑස් නෞකා 10 ක් අවශ්‍යයි - ලිට්‍රෝ කියයි

මේ වන විට රට තුළ පවතින ගෑස් හිඟය අවසන් වීමට නම් ගෑස් මෙට්ට්‍රික් ටොන් 37,000ක් පමණ අවශ්‍ය වනවා. එ සඳහා අවම වශයෙන් මෙරටට ගෙන්විය යුතු ගෑස් නෞකා ප්‍රමාණය 10ක්. ගෑස් හිගය හේතුවෙන් හිස්ව ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ප්‍රමාණය ලක්ෂ 40ක් දක්වා ඉහල ගොස් ඇති බවයි ලිට්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.

කර්මාන්ත සඳහා නිකුත් කරන කිලෝ ග්‍රෑම් 37.5 සිලින්ඩර් සහ වාණිජ කටයුතු සඳහා ලබා දෙන ගෑස් තොග නිකුත් කිරීමද ඊයේ දින සිට සිදුවන්නේ නැහැ. ඒ, මෙරට තුළ පවතින ගෑස් තොග අවසන් වීම හේතුවෙන්.

මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් අද දිනයේ ද සිදුනොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එබැවින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිල දී ගැනීමට පෝලිම්වල රැදී නොසිටින ලෙසයි ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙන්නේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳ පොළට නිකුත් කිරීම නතර කෙරුණේ ඉකුත් 24 වනදා සිටයි. ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අද වෙළද පොලට නිකුත් නොකරන්නේ අඛණ්ඩව 06වන දිනටයි.

Neth