ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්
හෙට (29) දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම්දී තිබේ.
ඒ හේතුවෙන් හෙට දිනයේ ද ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳීනොසිටින ලෙසට ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
මේ අතර 24, 25, 26, 27 සහ 28 යන දින 5 ද ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම මීට පෙර දැනුම්දී තිබුණි.
ඒ අනුව හෙට දිනයත් සමග දින 6ක් අඛණ්ඩව ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමක් සිදු නොවනු ඇත.
Aruna