Saturday, July 05, 2025
Follow Us
ඉහළ ගිය පාන් රු. 2කින් පහළට

රුපියල් 2කින් ඉහළ දැමූ ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද (12) මධ්‍යම රාත්‍රියේ සිට නැවත පැවති මිලටම අලෙවි කිරීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල පහළ දැමීමට පිටි සමාගම් තීරණය කිරීමත් සමඟ මෙලෙස මිල අඩු කිරීමට කටයුතු කරන බවයි.

පසුගිය 6වන දා මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළේය.

(Aruna)