Sunday, February 15, 2026
Follow Us
බස් ගාස්තු වැඩිවෙන හැටි හෙළි වෙයි

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බස් ගාස්තු සීයයට 25-30ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමෙනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර සිටිනවා.

නෙත් නිවුස් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ වන විටත් පෞද්ගලික බස් සඳහා ඉන්ධන සපයා ගැනීම ගැටලුවක් වී ඇති පසුබිමක සාකච්ජා කිරිම නොව හැකි ඉක්මනින් මිල සංශෝධනය සිදුකරන ලෙස තමන් ප්‍රවාහන බලධාරීන් ගෙන් ඉල්ලීමක් සිදුකළ බවයි.

(Neth)