Friday, December 26, 2025
Follow Us
ඉන්ධන මිල ඉහළ දැමේ

වහාම ක්‍රියාත්මක වන පරිදි අද අලුයම 3.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින් ඉහළ දමා ඇත.

ඒ අනුව නව මිල ගණන් පහත දැක්වේ

පෙට්ට්‍රල් ඔක්ටේන් 92 - Rs. 420.00
පෙට්ට්‍රල් ඔක්ටේන් 95 - Rs. 450.00
ඔටෝ ඩීසල් - Rs. 400.00
සුපර් ඩීසල් - Rs. 445.00

(Neth)