Friday, April 19, 2024
Follow Us
තෙල් බවුසර් හිමියන්ගෙන් අනතුරු හැඟවීමක්

ඉන්ධන ටැංකි රථ වලට ආරක්ෂාව ලබා දෙන්න


පිරවුම්හල් ආශ්‍රිතව දිගින් දිගටම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බොදාහැරීමේ සේවාවලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පවසයි.

ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන ටැංකි රථ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවත් ඔහු සඳහන් කලේය.

මේ දක්වා එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ශාන්ත සිල්වා පැවසීය.

කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හල් වලට පෙට්රල් බෙදාහැරීමේ කටයුතු උපරිම ධාරිතාවකින් යුතුව අද (23) දිනයේ සිදුකළ බව ඔහු කීවේය.

(Aruna)