Saturday, July 05, 2025
Follow Us
භූමිතෙල් අවභාවිතා කළොත් සැපයීම සීමා කරනවා – බලශක්ති ඇමති අනතුරු අඟවයි

භූමිතෙල් සැපයීම ඉදිරියේදී සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඉතා බරපතල ලෙස භූමිතෙල් අවභාවිතා වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ මේ නිසා භූමිතෙල් අත්‍යවශ්‍ය වන පාර්ශ්ව සඳහා ප්‍රමාණවත් පරිදි භූමිතෙල් නොලැබෙන බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත්, ධීවර කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් භූමිතෙල් නිකුත් කිරීමට සිදුවන බවත් විජේසේකර මහතා පවසයි.

කෙසේ නමුත් ජනතාව පවසන්නේ මේ වනවිටත් භූමිතෙල් සැපයීම දැඩිලෙස සීමා කර ඇති බවයි. ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවලට පසුගිය මාස කිහිපය තිස්සේම භූමිතෙල් නොලැබුණු බවද වාර්තා විය.

(LNW)