Wednesday, April 24, 2024
Follow Us
බවුසර් රථවලට ආරක්‍ෂාව දෙන්නැයි පොලිස්පතිට ඉල්ලීමක්

ඉන්ධන ප්‍රවාහනයේදී තමන්ට ආරක්‍ෂාව ලබාදෙන්නැයි පොලිස්පතිවරයාගෙන් අද දිනයේ ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සම ලේකම් ඩී වී ශාන්ත සිල්වා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ ටැංකි රථවලට ඉකුත් දින කිහිපයේ ඇතැම් පිරිස් කළ බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙලෙස ආරක්‍ෂාව සපයන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හල් අසළ මාර්ග අවහිර කිරීම සහ කළහකාරී ලෙස හැසිරෙන්නේ නම් එම පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් නොකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ.

මේ අතර ඉන්ධන වැඩි මිලට අළෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් රට පුරා අද සිට වැඩි කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ පිරවුම්හල්වලින් කෑන් සහ බූලිවලට ඉන්ධන ලබාගෙන ඇතැම් මෙම ජාවාරම සිදුකරන බවයි.

(Neth)