Sunday, February 15, 2026
Follow Us
අද දිනයේ ගෑස් නිකුත් කිරීමේ අඩුවක් - ලිට්‍රෝ සමාගම කියයි

වෙළඳපලට නිකුත් කරන ගෑස් සිලින්ඩර ප්‍රමාණය අද දිනයේදී අඩුවනු ඇතැයි ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර 60,540 ක් අද දිනයේ වෙළඳපලට නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ.

ඊයේ දිනයේදී වෙළඳපලට නිකුත් කළ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර සංඛ්‍යාව 79, 004 ක් වනවා. සාමාන්‍යයෙන් ඉරිදා දිනවලදී ලිට්‍රෝ සමාගමෙන් ගෑස් නිකුත් කිරීම සිදුකෙරෙන්නේ නැහැ.

කෙසේවෙතත් පවතින ගෑස් හිගය හේතුවෙන් අද දිනයේ ද මෙලෙස ගෑස් වෙළඳපලට නිකුත් කිරීමට තීරණය කළ බව ද ඔහු සඳහන් කළා. ඒ අනුව අද දිනයේදී කිලෝ ග්‍රෑම් 2.5 මෙන්ම කිලෝ 05 සිලින්ඩර් ද 10,450 බැගින් වෙළඳපලට නිකුත් කිරීමට නියමිතයි. කිලෝ ග්‍රෑම් 37.5 ගෑස් සිලින්ඩර් 2, 673 ක් ද අද දිනයේදී වෙළඳපලට නිකුත් කෙරෙනු ඇති.

ඊයේ දිනයේදී කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩර් 12728 ක්, කිලෝ 05 ගෑස් සිලින්ඩර් 12044 ක් සහ කිලෝ ග්‍රෑම් 37.5 සිලින්ඩර් 3256 ක් වෙළඳපලට නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ වෙළඳපලට නිකුත් කර ඇති මුළු ගෑස් ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 1199 ක්.

(Neth)