Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රි ලංකා කණ්ඩායමට පකිස්තානයේදි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විමේ අවධානමක්

පකිස්තාන තරග සංචාරයට අදාලව යලිත් වරක් ආරක්ෂක තත්ත්වයේ ඇගයීමක් සිදු කිරිමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, පකිස්තාන තරග සංචාරයේදි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විමේ අවධානමක් සම්බන්ධයෙන් අගමැති කාර්යාලයට විශ්වාසනීය තොරතුරු ලැබි තිබිමේ හේතුවෙන් බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර සිටින්නේ.

ඒ සම්බන්ධයෙන් වන තොරතුරු අගමැති කාර්යාලය විසින් ක්‍රිඩා අමාත්‍යාංශය හරහා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත.

මේ හේතුවෙන් ක්‍රිඩකයින්ගේ ආරක්ෂාව යලී තහවුරු කිරිම සදහා යලී ආරක්ෂක තත්ත්වයේ ඇගයීමක් සිදු කරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර සිටිනවා.

(Neth)