Wednesday, October 23, 2024
Follow Us
වැඩිකළ පිටි මිල අඩු නොකිරීමට පී‍්‍රමා සමාගම තීරණය කරයි

වැඩිකළ තිරිගු පිටිමිල කිසිසේත් අඩු නොකරන බවට පී‍්‍රමා සමාගම තිරිගු පිටි අලෙවි ඒජන්තවරුන්ට දැනුම් දී තිබෙනවා.

අදාළ සමාගම අද (11) දිනයේ ඒ පිළිබඳ නිල වශයෙන් දැනුම් දී ඇති බවයි අලෙවි ඒජන්තවරුන් පැවසුවේ. ඉකුත් 06 වැනිදා සිට තිරිගු පිටි කිලෝ ග‍්‍රෑම් 01 ක මිල රුපියල් 05.50 කින් ඉහළ දැමීමටයි පී‍්‍රමා සමාගම තීරණය කළේ.

නව මිල වැඩිවීමත් සමග පී‍්‍රමා තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 90 සිට 100 දක්වා විවිධ මිල ගණන් යටතේ තවදුරටත් අලෙවි වන බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් තිරිගු පිටි කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 87 ක්.

කෘෂිකර්ම හා ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය ඊයේ ප‍්‍රකාශ කළේ තිරිගු පිටි මිල පෙර පැවැති මිල ගණන් යටතේ අලෙවි කිරීමට අදාළ සමාගම් එකඟතාව පළ කළ බවයි.

(Neth)