Saturday, July 05, 2025
Follow Us
සාමනේර හිමිවරුන්ට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට

සාමනේර හිමිවරුන් දෙනමකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් ඊයේ(10) සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.



එම සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සැකකරු හොරොව්පතාන ප්‍රදේශයේ පිරිවෙනකදී කුඩා සාමනේර හිමිවරුන් දෙනමකට පහරදී ඇති බවත් එම සැකකරු චමින්ද ගලබොඩ නොහොත් “උටියා” නැමති අයෙකු බවත් සදහන් වේ.

ඒ අනුව එම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

(Dinamina)