Saturday, July 05, 2025
Follow Us
ලංකා IOC තවමත් මිල ගැන තීරණයක් නොගනී

ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ප‍්‍රකාශයට පත් කර නැහැ.

ඊයේ (10) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමටයි මුදල් අමාත්‍යංශය තීරණය කළේ. ඒ අනුව පෙට‍්‍රල් සහ සුපිරි ඩීසල් මිල අඩු කෙරුණා.

ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 137 ක්. ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 161 ක් වනවා. සුපිරි ඩීසල් මිල ද ලිටරයක් රුපියල් 2 කින් අඩු කෙරුණා. ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 132 ක් වනවා. කෙසේවෙතත් ඔටෝ ඩීසල් මිලෙහි සංශෝධනයක් ද සිදුවූයේ නැහැ.

(Neth)