Friday, April 17, 2026
Follow Us
මොණරාගල ප්‍රදේශ කිහිපයකට අයිස් වැස්සක්

මොණරාගල මැදගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප‍්‍රදේශ කිහිපයකට අයිස් වැස්සක් පතිත වී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ බකිනිගහවෙල සහ 17 කණුව ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට මෙම අයිස් වැස්ස පතිත වී ඇති බවයි.

පැය භාගයකට අධික කාලයක් මෙම අයිස් වැස්ස ඇද හැලී ඇති අතර මෑත ඉතිහාසයේ එම ප‍්‍රදේශයට ඇදහැලූණු විශාලතම අයිස් වැස්ස මෙය බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.

(Neth)