Sunday, May 05, 2024
Follow Us
හදිසි නීතිය ඉවත් කරන්න

නීතිඥ සංගමය ජනපතිගෙන් කළ ඉල්ලීම


හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය සිය අප්‍රසාදය පළ කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ඕනෑම පුරවැසියෙකුට භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවතින බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වාදෙයි.

ඒ අනුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

හදිසි නීතිය පැනවීම මගින් ජනතාවගේ මුලික අයිතීන් උල්ලංඝණය වන බව එම සංගමය පෙන්වාදෙයි.

මෙවන් අවස්ථාවක හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතු බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

(aruna)