Saturday, May 04, 2024
Follow Us
අදත් අන්තරේ මහපාරට

මෙරට දේශපාලනයේ වැදගත් කේන්ද්‍රස්ථානයක්


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වනු ලබන දැවැන්ත විරෝධතාව අද දහවල් දොළහට පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිත යි.

”ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු” යන තේමාව යටතේ යි මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ.

හොරා කෑ මුදල් නැවත අයකර ගැනීම, සමාගම් විසින් නො ගෙවන ලද බදු නැවත අයකර ගැනීම, පසුගිය කාලය තුළ සිදු කළ අතුරුදන් කිරීම් සහ ඝාතන පිළිබඳ නැවත විමර්ශනය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මෙම විරෝධතාවට ඇතුළත්.

විරෝධතාව මෙරට දේශපාලනයේ වැදගත් කේන්ද්‍රස්ථානයක් දක්වා ගමන් කිරීමට නියමිත බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.

(Aruna)