මාතර කළුකඩවල ගෑස් ඕනෑ තරම්
වෙළෙදපොලේ මිලදී ගැනීමට ප්‍රමාණවත් ගෑස් සිලින්ඩර නොමැති වුවත්, කළුකඩවල වැඩි මිල ගණන් වලට ගෑස් මිලදී ගැනීමට ඇති බව මාතර ප්‍රදේශයේ ජනතාව පවසයි.
එම ජනතාව සදහන් කරන්නේ රුපියල් 10,000 සිට 12,000 දක්වා මිලකට ගෑස් සහිත සිලින්ඩර මිලදී ගැනීමට ඇති බවයි.
ගෑස් අලෙවි වෙළෙදුන් ගෑස් තොග සගවා ගෙන අතරමැදියන් හරහා වැඩි මිලකට ගෑස් විකිණීමට ඊට හේතුවී ඇත.
තවත් පිරිසක් වෙළෙදපොළෙන් ගෑස් මිලදී ගෙන ගොස් පසුව ඒවා නැවත රුපියල් 4000ත් 5000ත් අතර ලාභයක් ඉපැයීම සදහා අලෙවි කරන බවද මාතර ගෑස් පාරිභෝගික ජනතාව සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඇතුළු වගකිව යුතු බලධාරීන් වහා මැදිහත් වී කටයුතු කළ යුතු බව මාතර ජනතාව ඉල්ලා සිටියි.
(Aruna)