ඊයේ දින රාත්‍රියේත් විශාල පිරිසක්
ගාලු මුවදොර පැවැත්වෙන ජන අරගලයට අදට දින 26ක් ගතව තිබේ.
වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ඉවත් වන ලෙස බල කරමින් ඔවුන් එම අරගලය ආරම්භ කළේය.
ගාලු මුවදොර පැවැත්වෙන මෙම අරගලය සඳහා ඊයේ (03) රාත්‍රීයේ විශාල පිරිසක් එක්ව සිටියේය.
ක්‍රිස්තියානි සභාවන් නියෝජනය කරමින් ඊයේ පස්වරුවේ පූජකවරුන් පිරිසක් අරගල භූමියට පැමිණ සිටියේය.
මේ අතර ජනාධිපතිවරයාට ආණ්ඩුවට ඉවත්වන ලෙස ඉල්ලා ගාල්ල නගරය ආසන්නයේ ස්ථාපිත අරගල භූමියේ ඊයේ රාත්‍රී ලෝක ජන මාධ්‍ය නිදහස් දිනය සමරා විශේෂ සැමරුම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට විරෝධතාකරුවන් පියවර ගෙන තිබුණි.
මේ අතර, ගාලු මුවදොර පැවැත්වෙන ජන අරගලයට විවිධ දේශපාලන පක්ෂ එකවීම මඟින් එහි නිසි අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වනු ඇති බව ජගත් කුමාර මන්ත්‍රීවරයා පවසයි.
ඔහු පවසන්නේ මේ වන විටත් ඇතැම් දේශපාලන පක්ෂ නියෝජිතයින් එම අරගල භූමියේ සිටිනු දක්නට ලැබෙන බවය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජගත් කුමාර මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
(Aruna)