Sunday, March 01, 2026
Follow Us
ඉන්ධන මිල කමිටුව අද රැස්වෙයි

මාසිකව සිදුවන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද (10) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.

ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල අනුව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම ඉන්ධන මිල සූත්‍රය මඟින් සිදුවේ.

පසුගිය මස ඉන්ධන මිල සංශෝධනයේ දී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 4කින් ද ඉහළ දැමූ අතර, සුපර් ඩීසල් ලිටරයක මිල රුපියල් 3කින් ඉහළ දැ‍මුවේය.

(Aruna)