Wednesday, September 17, 2025
Follow Us
06 වෙනිදා හර්තාලයට GMOA සහයත්!

වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල සහයෙන් එළඹෙන 06 වැනිදා පැවැත්වීමට නියමිත හර්තාලයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සහය දීමට තීරණය කර තිබේ.

(03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය ශනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ සාමකාමී ඕනෑම අරගලයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොන්දේසි විරහිතව සහය දෙන අතර එහි පරමාර්ථය දුෂණ පාලනය ක්‍රමය අවසාන කිරීම බවයි.

ඒ අනුව රෝගී සත්කාර සේවා සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යමින් ඊට සහය දීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කරන ලදී.

මෙහිදී දූෂිත පාලකයන් පත්වෙන ක්‍රමවේදය අවසන් කිරීම සඳහා ගනු ලබන ඕනෑම අරගලයකට සහය දීමටටයි එම වෘත්තීය සමිතිය තීරණය කර ඇත්තේ.

(LNW)