ජනපතිගෙන් රාමසාන් දින සුභ පැතුමක්
ඉස්‌ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට(03) යෙදී ඇත.
ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් අනතුරුව එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙයි.
ලෝකවාසී ඉස්‌ලාම් බැතිමතුන් විසින් සමානාත්මතාවයේ දිනය හෙවත් ඊදුල් ෆිතර් උත්සවය සමරන අතර රාමසාන් උත්සවය ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන් විසින් හරසරින් සමරනු ලබයි.
ආගම් මගින් උගන්වනු ලබන සමාජ ධර්මතා, සමාජ යහපතට හේතු වන ලෙස යොදා ගැනීමට අප සියලු දෙනාට වගකීමක් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
අද (03 වැනිදා) ට යෙදෙන රාමසාන් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසන ජනාධිපතිවරයා එහි මෙසේ ද සඳහන් කර තිබේ.
මාසයක කාලයක් මුළුල්ලේ රැකි උපවාස සීලය අවසන් කළ ඉස්ලාමීය ජනතාව ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරති. ඒ ඊදුල් ෆීතර් මංගල්‍යයට එක් වෙමිනි. ඔබ අපේක්ෂා කරන ආධ්‍යාත්මික සුවය සියලු දෙනාට ලැබේවා යි මම ද ප්‍රාර්ථනා කරමි. රාමසාන්, මුස්ලිම් ජනතාව ආගමික වශයෙන් ඉටු කරන විවිධ ආගමික චාරිත්‍ර අතර සුවිශේෂී උත්සවයකි. සෑම දිනයකම අල්ලාහ් දෙවියන්ගේ ධාර්මික මූලධර්ම අනුව යහපතෙහිම යෙදීමට මානසික උත්තේජනයක් මෙමගින් අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලාංකේය ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු ලෝකවාසී සියලු ඉස්ලාමීය බැතිමතුන්ට මෙම රාමසාන් මංගල්‍යයෙන් පසු එළැඹෙන කාලය සතුට, සුවය සහිත වූ කාලපරිච්ඡේදයක් වේවා ! යි ප්‍රාර්ථනා කරමි.
(Aruna)