Wednesday, September 17, 2025
Follow Us
පෞද්ගලික රෝහල්වල හදිසි සැත්කම් පමණයි

හිඟ බෙහෙත් ගන්න කරන්න යන වැඩේ


දිවයින පුරා පෞද්ගලික රෝහල් දෙසීයක ඖෂධ වර්ග හැත්තෑ හයක් හිඟවීම හේතුවෙන් හදිසි ශල්‍ය කර්ම පමණක් කිරීමට රෝහල් සහ සාත්තු නිවාස පෞද්ගලික සංගමය තීරණය කර ඇත.

ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ හිඟය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය හා පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවද දැනුවත් කර ඇති බව සංගමයේ සභාපති ආචාර්ය ආන්නද කුරුප්පුආරච්චි කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සතුව පවතින ඖෂධ තොගවලින් මෙම ඖෂධ ලබාගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. ඖෂධ සැපයුම්කරුවන් හා ආනයනකරුවන් ඖෂධ සැපයීමට නොහැකි බව ප්‍රකාශ කිරීම නිසා මෙම තත්ත්වය උදා වූ බවද සභාපතිවරයා අවධාරණය කළේය. ළමා රෝග, එන්නත් වර්ග, හදිසි ප්‍රතිකාර ඖෂධ මෙලෙස හිඟ වී තිබේ. එම නිසා විදේශීය දානපතීන්ගේ සහයෝගය මත ඖෂධ ලබාගැනීමට සංගමය තීරණය කර ඇත. එලෙස ලබාදෙන ඖෂධ නොමිලයේ රෝගීන් වෙත ලබාදීමට ද නියමිත බව සභාපතිවරයා අවධාරණය කළේය.

(Aruna)