Saturday, February 07, 2026
Follow Us
ගෝල්ෆේස් වෙත හදිසියේ කඩාවැදුණු පිරිස මෙන්න

ගෝල්ෆේස් උණුසුම් වෙයි


ගාලු මුවදොර අරගල භූමියට මීට ටික වේලාවකට (02) පෙර පොලිස් කැරලි මර්දන ඒකකයෙන් පැමිණ තිබෙනවා.

නිලධාරින් 40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර් යාලයේ ගේට්ටුව අභියසට පැමිණ ස්ථානගත වූ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ වනවිට එම කණ්ඩායම අරගල භූමියෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී නිර්පාක්ෂික අරගලකරුවන් විසින් පොලිසියේ පැමිණීමට එරෙහිව විරෝධයක් පළ කෙරුණා.

මෙම මහජන විරෝධතා සමග පොලිසීය විසින් යළිත් සිය කැරළි මර්දන නිලධාරින් කැඳවීමට ද නියෝග කෙරුණා

(Aruna)