Wednesday, September 17, 2025
Follow Us
මොවුන් පාස්කු ප්‍රහාරයේ තොරතුරු දැනදැනත් ඡන්දයක් වෙනුවෙන් මිනිස්සුන්ව බිල්ලට දුන්නා – කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැනදැනටත් එවකට සිටි ජනාධිපතිවරයා ඇතුළු ඉහළම නිලධාරීන් මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් එම තොරතුරු වසන් කර අහිංසක ජනතාවගේ ජීවිත බිල්ලට දුන් බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සෘජුවම චෝදනා කරයි.

“අපට කිව්වෙ නෑ, කිව්වා නම් මේ මිනිස්සුන්ව බේරාගන්න තිබුණා අපට. අහිංසක ජීවිත පූජා කරන්න වුණේ අපට කිව්වෙ නැති නිසා. බලකාමය නිසා, බලය අල්ලාගන්න තියෙන කෑදරකම නිසා යටපත් කෙරුවා. ජනාධිපතිතුමාගෙන් පටන් අරන් එදා හිටපු ලොකුම නිලධාරීනුත්, ආරක්ෂක අංශවල භාරව හිටපු නිලධාරීනුත් තමන්ගෙ වගකීම පැහැර හැරියා. ඒක ඕනෙකමින් කළා, ඡන්දය දිනාගන්න ඕනෙ නිසා. ඡන්දෙ දිනන්න ඕනෙකම තිබුණා, ඒක තමයි ඒක පිටිපස්සේ තිබුණු චේතනාව. අපි රට ආරක්ෂා කරනවා, අපි රටට යුක්තිය දෙනවා කියන්න ඕනෙකම තිබ්බා ඒ කට්ටියට. ඒක තමයි ඒ දේ කළේ. එහෙම නැත්නම් අපට කියන්න තිබුණා නෙ දැනගෙන හිටපු අය. මෙහෙම දෙයක් වෙන්න යනවා, ආරක්ෂා වෙන්න කියලා ඒගොල්ලො අතරේ ලියුමක් බෙදාගෙන ඒගොල්ලො ආරක්ෂා වුණා නිලධාරීන් සියලුදෙනාම, දේශපාලනඥයො බේරුණා. අහිංසක මිනිස්සුන්ව බිල්ලට දුන්නා”

කාදිනල් හිමියන් මේ බව පැවසුවේ ඊයේ (01) ඉතාලියේ පාදුවා නුවර ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයෙහි පැවැත්වූ විශේෂ දේව මෙහෙය අමතමිනි.

(LNW)