Wednesday, October 23, 2024
Follow Us
සාමාන්‍ය මුස්ලිම් ජනයාගෙන් ISISබෝඩ් එක ගලවන එක යුතුකමක්

සාමය අගයන මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල වී ඇති ත්‍රස්තවාදී චෝදනා වලින් ඔවුන් මුදාගැනීමේ යුතුකමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පුමුඛ අනාගත පාලනයකට පැවරෙන බව පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා අද (09) එම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරස්ථානයට පැමිණියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් බැහැදුටුවේය.

විහාරස්ථානය වැඳපුදා ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ බෝධි පූජා පිංකමට ද එක් විය.

එහිදි අදහස් දැක්වු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා මේ රට යුද්ධයෙන් ගලවාගත් බවත් ඔහු ගලවාගත්තේ එක් ජාතියක් පමනක් නොවන බවත්ය.

එදා දෙමළ මිනිස්සු දිහා බැලුවේ වැරදි විදිහට බවත් පසුව එල්.ටී.ටී.ඊ බෝඩ් එක ඔවුන්ගෙන් ගලවා ගත් බවත් නමුත් අද මුස්ලිම් ජනතාව දෙස එසේ වැරදි ලෙස බලන බවත් අභයතිස්ස හිමියන් පෙන්වා දෙයි.

ඒ අනුව 2005 රට භාරගත් තිබුණු තැනම නැවතත් රට තිබෙන බවද සාමාන්‍ය මුස්ලිම් ජනතාවගෙන් අයි.එස්.අයි.එස් බෝඩ් එක ගලවන්න යුතුකමක් බවද අභයතිස්ස හිමියන් එහිදි අවධාරණය කළේය.

(Lanka Leads)