පාර්ලිමේන්තුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ල ස්ථාපිත කර අදට වසර 40 ක් සපිරෙනවා. ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් 70 දශකය අගභාගය වනවිට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යාමේ අවශ්‍යතාව මතුවුණා. ඒ අනුවයි ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා වුණේ.
ඒ අනුව 1979 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නා ඔයේ පිහිටි අක්කර 16 ක කුඩා දූපතක් අභියස නව පාර්ලිමේන්තුව ඉදිකිරීම ආරම්භ වුණා. එම කටයුතු මෙහෙයවනු ලැබුවේ එවක හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ සහ හිටපු අග්‍රාමාතයවරයා වූ ආර් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන්.
ඒ අනුව ජෙෆ්රි බාවා එහි නව ගොඩනැගිල්ලේ ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස තෝරා ගැනුණු අතර එහි ඉදිකිරීම් පවරා තිබුණේ ජපන් සමාගමකටයි.
ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් මුල්කර ගෙන නිර්මාණය කර ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහනිර්මාණ කටයුතු සඳහා දේශීයත්වයට ප්‍රමුඛතාව ලබාදීම ද විශේෂත්වයක්.
(Neth)