Saturday, February 07, 2026
Follow Us
රඹුක්කන වෙඩි තැබූ පොලිස් ලොක්කාට අධිකරණ නියෝගය අසා වමනේ යයි

වරෙන්තු ලැබූ නිලධාරියා CID අධීක්ෂණය යටතේ පොලිස් රෝහලේ


රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය විසින් නියෝග කළ කෑගල්ලේ හිටපු පොලිස් ප්‍රධානියා වන කේ.බී. කීර්තිරත්න මේ වන විට පොලිස් රෝහලේ නේවාසිකව රැදී සිටින බවට වාර්තා වනවා.

කෑගල්ල අධිකරණය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට ඊයේ නියෝගය නිකුත් කිරීමත් සමඟ තමාට වමනය යන බව සඳහන් කරමින් සවස 2.30ට පමණ ඔහු රෝහල්ගතව ඇති බවටයි වාර්තා වන්නේ.

නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ වෙනම කාමරයක මේ වන විට ඔහු නේවාසිකව රැදී සිටින අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද රෝහල තුළ රැදී සිටිමින් ඔහු පිළිබඳව විමසිලෙන් සිටින බව රෝහල් තොරතුරු සඳහන් වනවා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා රෝහලින් පිටව ගොස් අතුරුදන්වීමට ඇති ඉඩකඩ වැඩි බැවින් මෙසේ ඔහුව අවේක්ෂණය කරන බවයි.

(Aruna)