බත්තරමුල්ලේ සුපිරි වෙළෙදසැළක් ඉදිරිපිට සිදුවූ දේ
බත්තරමුල්ල සුපිරි වෙළෙදසැලක් අසළ සිඟමන් ඉල්ලමින් සිටි පුද්ගලයෙකු සිදුකළ පිහි ඇණුමකින් ආයුර්වේද වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ සුපිරි වෙළෙදසැලෙන් පිටතට පැමිණිමෙන් සිටි ආයුර්වේද වෛද්‍යවරයාගෙන් සිගමන් ඉල්ලා ඇතිකර ගත් බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පිහි ඇණුම සිදුව ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරයෙකි.
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
(Aruna)