Wednesday, September 17, 2025
Follow Us
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි යි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති වනු ඇත.

සෙසු ප්‍රදේශවල ද මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

(Aruna)