Saturday, February 07, 2026
Follow Us
ජුනි මාසයේ කුකුළු මස් හා බිත්තරවලට වෙන දේ

ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති කිව්ව කතාව


ලබන ජුනි මාසය වනවිට කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1500ක් දක්වාද බිත්තරයක මිල රුපියල් 45ක් දක්වාද වැඩිවනු ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ පවසයි.

සත්ව ආහාර මිල සහ අනෙකුත් වියදම් විශාල වශයෙන් ඉහළ යෑම නිසා මෙම තත්ත්වය ඇති වනු ඇතැයි ඔහු පවසයි.

කුඩා හා මධ්‍ය සත්ත්ව නිෂ්පාදන ව්‍යාපාරිකයෝ එම ව්‍යාපාර කටයුතුවලින් ඈත්වෙමින් සිටින බැවින් දිගටම පැවතුණහොත් මහ පරිමාණ ව්‍යාපාරිකයින් කිහිප දෙනකු පමණක් රටේ ඉතිරි වනු ඇති බව ඔහු සඳහන් කරයි.

ඒ හරහා ඒකාධිකාරියක් නිර්මාණයවීමෙන් සත්ත්ව නිෂ්පාදන මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහ කළේය.

(Aruna)