එළවළු ගැන හදිසියේ ගත් තීරණය
දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථානවලට අනිද්දා(28) දින එලවළු තොග බෙදා හැරිම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසිය.
නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි අද(26) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මේ බව ප්‍රකාශ කළේය.
රජයට එරෙහිව 28 වනදා රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළු රටේ ජනතාව හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට සැලසුම් කර ඇති නිසා කොළඹ මැනිං වෙලදපොල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකින් එදිනට එලවළු තොග එවිමට කටයුතු නොකරන ලෙසට කල ඉල්ලිමක් මත මෙම තිරණය ගත් බව ඔහු සඳහන් කරයි.
එලවළු ගොවියා රැක ගැනිමේ අධිඨනින් මෙම තිරණය ගත් බවත්,එදිනට එලවළු රැගෙන යාමට පාරිභෝගිකයන් ආර්ථික මධ්‍යස්ථානවලට නොපැමිණෙන නිසා ආර්ථික මධ්‍යස්ථාන වසා දැමිමට සිදුවිය හැකි බැවින් මෙම තිරණය ගත් බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසිය.
මීට වසර එකහමාරකට ප්‍රථම මේ රටේ සමස්ත ගොවියා දැඩි පිඩාවට පත් කිරිමට වත්මන් රජය පියවර ගත් බවත්, මේ වන විට රසායනික පොහොර මිල ඉහල යාම, එලවළු බිජ ඇට වර්ග මිල ඉහල යාම ,කෘමිනාශක ද්‍රව්‍ය මිල ඉහල යාම ,ඉන්ධන මිල ඉහල යාම සහ එලවළු මිල මේ වන විට සිඝ්‍ර ලෙස පහල වැටිම හේතුවෙන් ගොවින් මේ වන විට කබලෙන් ලිපට වැඩි ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසිය.
(Aruna)