Saturday, February 07, 2026
Follow Us
අරලියගහ මන්දිරය අසලට මහ රෑ පොලිස් කුළු – පොලු හමුදාවක් එවයි !

ඊයේ (25) රාත්‍රියේදී කොළඹ, අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නියැළී සිටියදී එම ස්ථානයට පොලිස් කැරළි මර්දන ඒකකයේ විශාල පිරිසක් එවා ඇති බව වාර්තා වේ.

බස් රථ පහකින් පමණ එම කැරළි මර්දන භට පිරිස් එම ස්ථානයට රැගෙනවිත් ඇති අතර පදික වේදිකාව අවහිර වන සේ එම බස් රථ නවත්වා ඔවුන් එහි රැඳී සිටින බව සඳහන්.

අරලියගහ මන්දිරය ඉදිරිපිට ජනතා උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා කොල්ලුපිටිය පොලිසිය ඊයේ දිනයේදී අධිකරණ නියෝගයක් ලබාගැනීමට උත්සාහ දරා තිබුණු නමුත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.

පොලිසිය මේ ආකාරයෙන් මහ රෑ එම විරෝධතාකරුවන් අසලට කැරළි මර්දන ඒකක එවා තිබුණේ එයින් පසුව ය.

කෙසේවෙතත් විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වේ.

(LNW)