Thursday, March 26, 2026
Follow Us
ගෑස් ගැන අලුත්ම ආරංචිය

ගෑස් නෞකාවක් හෙට දිවයිනට


ගෑස් මෙට්‍රික් ටොන් 7200ක් රැගත් නෞකා දෙකක් මේ සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගමේ සභාපති විජිත හේරත් පැවුසුවේ හෙට (26) දිනයේ ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි.

එම ගෑස් තොගය 27 වැනිදා සිට වෙළෙදපොළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සදහන් කරයි.

ලබන 27 වැනිදා ද ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිතව ඇති බව විජිත හේරත් පැවසීය.

(Aruna)