Wednesday, September 17, 2025
Follow Us
ගුරු විදුල්පතිවරු දෙන පණිවිඩය තේරුම් ගෙන ආණ්ඩුව වහාම ගෙදර යා යුතුයි – ස්ටාලින්

ජනතාව පෙළමින් අත්තනෝමතිකව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව අද දින ගුරු විදුහල්පතිවරු ඒකාබද්ධව අසනීප නිවාඩු දමා වැඩ වර්ජනයේ නිරත වන අතර වහාම මේ තත්ත්වය රජය තේරුම් ගත යුතුව ඇති බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

රටේ ප්‍රශ්න වලට විසඳුම් දිය නොහැකි ආණ්ඩුව දැන් හෝ වහාම ගෙදර යා යුතු බවයි ස්ටාලින් මහතා කියා සිටියේ.

එමෙන්ම හෙට දින ක්‍රියාත්මක වැඩවර්ජනයෙන් පසු එළඹෙන 28 වැනිදා වන විට සමස්ත මහා වැඩවර්ජනයකට සැලසුම් කර තිබෙන බවද ඔහු සඳහන් කරන ලදී.

(LNW)