Wednesday, September 17, 2025
Follow Us
අරගලකරුවන්ට ආරාධනා කිරීම නොව ආණ්ඩුව අරගලකරුවන් වෙත යායුතු බවට විද්වත් මතයක්

අරගලයේ නිරත පිරිස අරලියගහ මන්දිරයට කැදවීම නොව සිදුකළ යුත්තේ ආණ්ඩුව අරගලකරුවන් වෙත යාම බව ප්‍රියනාත් ජයසූරිය පවසනවා.

ගොල්ෆේස් අරගල බිමේ නිරත විරෝධතාකරුවන්ගෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවස්ථා දෙකකදීම ඉල්ලා සිටියේ තමන් සහ ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරය වෙත පැමිණෙන ලෙසයි.

එහෙත් ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයෙකුට අරගල භූමියට යනතෙක් ජනතාවගේ සැබෑ අරගලය යනු කුමක්දැයි වටහා ගත නොහැකි බවයි නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ප්‍රියනාත් ජයසූරිය පැවසුවේ.

(Neth)