Saturday, February 07, 2026
Follow Us
පොහොර හිගයෙන් යල කන්නයේත් ගොවීන් පීඩාවේ

තවදුරටත් පවතින පොහොර අර්බුදය හේතුවෙන් යල කන්නයේ වී වගාවට ද බාධා එල්ල වී ඇතැයි ගොවීන් චෝදනා කරනවා. පොහොර නොමැතිවීම මෙන්ම ඉන්ධන මිල සහ ට්‍රැක්ටර් ගාස්තු ඉහළ යාම ඇතුලු ගැටලු කිහිපයක් හේතුවෙන් ගොවි ජනතාව මේවනවිටත් යල කන්නයේ වගාකර ගත නොහැකිව දැඩි පීඩාවට පත්ව සිටින බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පැවසුවේ.

මහ කන්නයේදී වගා හානියට පත්වූ ගොවීන්ට සම්පූර්ණ වන්දි මුදල ලබාදීමට ද රජය අපොහොසත් වූ බවත්, එම වන්දි ලබාදී තිබුණේ නම් යල කන්නය වගා කිරීමට ගොවියාට හැකියාව තිබූ බවත් ඔහු ප්‍රකාශ කළා.

පොහොර සම්බන්ධයෙන් ගත් තීන්දු වැරදි බව ජනාධිපතිවරයාම පිළිගෙන ඇති බැවින් ගොවීන් අපහසුතාවට පත් කළ රජය වහා ඉවත් විය යුතු බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න වැඩිදුරටත් පැවසුවේ.

(Neth)