Saturday, February 07, 2026
Follow Us
රටම කම්පා කරමින් තවත් වෙඩි තැබීමක්

42 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට


බෙලිඅත්ත – තාරපේරිය- නිහිලුව ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයෙකු නිවසකට පැමිණ සිදුකළ වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සැකකරු යතුරුපැදියකින් අදාළ නිවසට පැමිණ, මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්. වෙඩි තැබීම හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සැකකරු සොයා මේ වනවිටත් බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

(Aruna)